පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ පනවා ඇති හදිසි තත්ත්වය සහ ආණ්ඩුකාර පාලන ක්රියාමාර්ගවලට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබෙනවා.
පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා.
පාකිස්තාන හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්ගේ ප්රබල දේශපාලන බලකොටුවක් ලෙස සැලකෙන මෙම පළාතේ හදිසි තත්ත්වයක් පනවා ඇත්තේ, තහ්රීක්-ඊ-තාලිබාන් පාකිස්තාන් (TTP) සටන්කාමීන් මර්දනය කිරීමට පළාත් පාලනය අසමත් වූ බවට එල්ල වන චෝදනා හමුවේයි.
කෙසේ වෙතත්, මෙම පාලන ක්රියාමාර්ගවලට එරෙහිව ජනතාව විරෝධතා දක්වා ඇති අතර, එහිදී පොලිසිය සමඟ ගැටුම් ඇතිව තිබෙනවා.
