AFC Banner
Empty Ad
Empty Ad

ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත් වෙන්න යයි

උද්ඝෝෂණවල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ගුරු සංගම් නියෝජිතයන් නිදහස් කර ගැනීමේ අරමුණෙන් ලබන සඳුදා (12) දිනයේ සිට ගුරුවරුන් ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වෙනවා.

මෙලෙස සේවයෙන් ඉවත් වීම පිළිබඳව ගුරු සංගම් නියෝජිතයන් විසින් ඊයේ (09) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් ප්‍රකාශ කර සිටියා.

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ විසින් වැඩිදුරටත් කියා සිටියේ රජය විසින් ගැටලුවලට විසඳුම් ලබාදෙනතුරු සඳුදා දිනයේ සිට ඔන්ලයින් ක්‍රමය හරහා ඉවත් වීමත්, අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ට මධ්‍යස්ථාන 2096ක සිට කරගෙනු යන ලබන ක්‍රියාකාරකම්වලින් ඉවත් වීමත්, උසස් පෙළ අයදුම් පත්‍ර සැකසිමේ ක්‍රියාවලියෙන් ඉවත් වීමත් සිදු කරන බවද සඳහන් කර සිටියා.

මෙරට ගුරුවරුන් විසින් ස්වේඡාවෙන් ඔන්ලයින් ක්‍රමය හරහා ඉගෙන්වීම් කටයුතු කළ බවට ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසින් වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?