තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

තරගාවලියේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකාවට පහසු ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් සහ තුන්වැනි විස්සටි විස්ස තරගයේ කාසියේ වාසිය ලබාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා.

අද (13) ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා මහීෂ් තීක්ෂණ වෙනුවට යොවුන් දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැඳවා තිබුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථානය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 168ක් රැස්කර ගනු ලැබුවා.

තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරග දෙකම ජයගෙන සිටින පාකිස්ථානය අවසන් තරගයේ දී පරාජයට පත්කර තරගාවලිය අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 169ක් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 01ක් වැයකරමින් කඩුලු 02ක් පමණක් ලබා දී එම ඉලක්කය පහසුවෙන්බ් හඹා ගියා.

ශ්‍රී ලංකාවට ජය අත්කර දෙමින් නායක කුසල් මෙන්ඩිස් පන්දු 48කට මුහුණදෙමින් නොදැවී ලකුණු 87ක් රැස්කර ගත්තා