රියාද් වෙත සිදුකරන ශ්‍රීලන්කන් ගුවන් ගමන් නවතා දැමීමේ කාලය තව දුරටත් දිගුවෙයි

සෞදි අරාබියේ රියාද් නුවර වෙත සිදුකරන ගුවන් ගමන් ලබන 18 වනදා දක්වා තවකාලිකව නවතා දැමීමට ශ්‍රීලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගම ඊයේ (09) නිවේදනය කළේ හෙට (11) දිනය දක්වා රියාද් නුවර වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් නවතා දමන බවයි .

කෙසේ වෙතත් අද (10) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලන්කන් ගුවන් සමාගම, එම කාලය ලබන 18 වනදා දක්වා තව දුරටත් දීර්ඝ කර තිබෙනවා.

රියාද් ගුවන් තොටුපළට බලපෑ මෑතකාලීන ආරක්ෂක සිදුවීම සහ දැනට සිදු කෙරෙමින් පවතින ආරක්ෂක මෙහෙයුම් ඇගයීම් සැලකිල්ලට ගනිමින් මෙලෙස සෞදි අරාබියේ රියාද් වෙත සිදු කෙරෙන සියලුම ගුවන් ගමන් තාවකාලිකව නවතා දැමීමටයි කටයුතු කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 1979 හෝ 011 777 1979 / WhatsApp 074 444 1979 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන ලෙසයි ගුවන් මගීන්ට එම ආයතනය දැනුම් දෙන්නේ.

එසේ නොමැති නම් ඔබේ සංචාරක නියෝජිතයා හරහා හෝ www.srilankan.com වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරැ දැනගැනීමේ හැකියාව පවතිනවා.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09