සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්රී ලංකාව පාකිස්ථානය තීරණය කළා.
ශ්රී ලංකා කණ්ඩායම් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 165ක් රැස්කර ගත්තා.
ඒ අනුව පාකිස්ථානය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 165ක්.
කෙසේ වෙතත් පාකිස්ථාන කණ්ඩායම විසින් එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් වැයකරමින් කඩුලු 06ක් පමණක් ලබා දෙමින් පහසුවෙන් හඹා ගියා.
ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ ජය පාකිස්ථානය සතුවුණා.
