තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට ලැබුණු තොරතුරකට අනුව තංගල්ල පොලිස් කොට්ඨාශ අපරාධ අංශයේ නිළධාරීන් කුඩාවැල්ල ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා කළ පරීක්ෂාවකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පුද්ගල ඝාතනයකට සූදානම්ව පැමිණි පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
T 56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ යෙදිය හැකි ලෙස මෙරටදී නිෂ්පාදනය කළ ගිනි අවියක් මෙම සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කළා.
ලැබී තිබූ තොරතුරට අනුව යතුරුපැදියේ ගමන්ගත් මොහු සම්බන්ධයෙන් කළ පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම යතුරුපැදිය දෙයියන්දර ප්‍රදේශයේදී සොරකම් කරන ලද එකක් බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු කුඩාවැල්ල ප්‍රදේශයේ වෙනාත් පිරිසක් සමඟ ඇති වූ ආරවුලක් මත පුද්ගලයක්ව ඝාතනයට පැමිණ ඇති බවට පොලීසිය සැකකරනවා.
සැකකරු කටුවන ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු මීට ඉහතදී යුධ හමුදා සේවයේ යෙදී සිට ඇති පුද්ගලයෙක් බවට ද අනාවරණය වී තිබෙනවා.










