පා පැදියකින් ගමන්ගත් 12 හැවිරිදි දරුවෙක්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක ගැටී අනතුරක් සිදුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (07) පෙරවරු 07.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, නෝටන්බ්‍රිජ්, බිග්බෝන් ප්‍රදේශයේ පදිංචිව සිටි
නෝටන්බ්‍රිජ් කනපති දමිළ මහා විද්‍යාලයේ 07 වන වසරේ ඉගෙනුම ලබන ජෙයරාම් පෝල්රාජ් නැමති පාසල් සිසුවෙක්.
හගරාපිටියේ සිට හැටන් දක්වා ධාවනය වන හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පාපැදියේ ගමන් ගත් සිසුවා බෑවුම් සහිත ප්‍රදේශයේ දි ඉදිරියට ධාවනය වූ ලංගම බස් රථයේ ගැටී ඉදිරිපස රෝදයට යට වීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
නිවසට අවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් රැගෙන ඒම සදහා නෝටන්බ්‍රිජ් නගරයට පා පැදියෙන් ගමන් කරමින් සිටියදි ජෙයරාම් පෝල්රාජ් මෙම අනතුරට මුහුණපා ඇති බවයි වාර්තා වන්නේ.










