ඉන්දීය කාන්තා ක්‍රිකට් ඔටුන්න ස්ම්‍රිති මන්දනාට

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ හර්මන්ප්‍රීට් කෞර් නායකත්වයෙන් ඉවත් වන බව පසුගිය දා නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව, පුරප්පාඩු වූ ඉන්දීය කාන්තා කණ්ඩායමේ නායකත්වය සඳහා කණ්ඩායමේ ආරම්භ පිතිකාරිනීය වන ස්ම්‍රිති මන්දනා පත්කර තිබෙනවා.

ඉද්නිය කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩිකාවක් වන මන්දනා මේ වන තෙක් ජාත්‍යන්තර පිටියේ ශතක 18ක් රැස්කර ගෙන ඇති අතර, ඉන්දීය කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) තරගාවලියේදී ‘රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලූරු’ (RCB) කණ්ඩායම ශූරතාව කරා දෙවරක්ම මෙහෙයවීමටද ඇය සමත්ව තිබෙනවා.