අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනතට කථානායකගේ සහතිකය

අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කළා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් මෙම පනත් කෙටුම්පත, 2026 අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමඟින් 1992 අංක 46 දරන පනතේ නීතිමය හා පරිපාලන විධිවිධාන යාවත්කාලීන කිරීම සහ අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධයෙන් පවතින නීතිමය රාමුව සංශෝධනයට ලක් කර තිබෙනවා.

මෙම සංශෝධන මඟින් පරිපාලන ව්‍යුහය යාවත්කාලීන කරමින්, “අධ්‍යක්ෂ” යන තනතුරු නාමය වෙනුවට “අධ්‍යක්ෂ ජනරාල්” යන තනතුරු නාමය භාවිත කිරීමටත්, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් සහ සහකාර අධ්‍යක්ෂවරුන් යන තනතුරු නාමයන් ඇතුළත් කිරීමටත් යෝජනා කර තිබෙනවා.

එසේම, “අපනයන කෘෂිකාර්මික භෝගය” යන්නෙහි අර්ථ දැක්වීම සංශෝධනය කර ඇති අතර, දේශීය පරිභෝජනයට අමතරව අපනයන විභවයක් ඇති බවට හඳුනාගත් භෝග ඊට ඇතුළත් වේ. කෙසේ වෙතත් වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර භෝග ඇතුළු නිශ්චිතව සඳහන් කර ඇති භෝග මෙන්ම වැවිලි භෝග ද ඊට ඇතුළත් වන්නේ නැහැ.

ඒ අනුව අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත් කෙටුම්පත, 2026 අංක 24 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.06
08:04:09
Video thumbnail
මහින්ද කහඳගම පොහොට්ටුවේ සාමාජිකයෙක් නෙමෙයි
06:30
Video thumbnail
ආණ්ඩුවේ අනීතික වැඩ ගැන කියන්න පොහොට්ටුවේ ප්‍රබලයෝ UN එකට යයි
01:54
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03