2027 වර්ෂයේදී පාසල් දරුවන් වෙත නොමිලේ බෙදා හැරීමට අවශ්‍ය 1, 2 සහ 6 යන ශ්‍රේණිවල මොඩියුල ද ඇතුළත්ව පාසල් පෙළපොත්/ මොඩියුල වර්ග 421 ක් මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණායතන තෝරා ගැනීම පිණිස අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබුණා.
ඒ සඳහා ලංසු 31 ක් ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා.
එම ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත පදනම්ව, අදාළ පෙළ පොත්/ මොඩියුල වර්ග 421 ක් මුද්‍රණය කිරීමේ කොන්ත්‍රාත්තු, මුද්‍රණායතන 21 ක් වෙත රුපියල් මිලියන 1,614.69ක මුදලකට (එකතු කළ අගය මත බදු රහිත ) පිරිනැමීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍ය තුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.










