අන්තරේ උද්ඝෝෂකයින් 20ක් අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණය දී පුද්ගලයින් 20 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු වටරවුම අසල දී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, ලංකා ගුරු සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම උද්ඝෝෂණයට එක්ව සිටියේය.

උද්ඝෝෂණය අතරවාරයේ තලංගම පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක නිලධාරීන් පැමිණි අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් ඇති විය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ අකුරැස්ස නගරයේ අද පැවැත්වූ උද්ඝෝෂණයක දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළු 13 දෙනෙකු අත්අඩංගුවට ගැණුනි.

ඉන්ධන මිල ඉහල දැමීම, පොහොර ගැටලුව ආදී කරුණු කිහිපයක් මුල්කර ගනිමින් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

මේ අතර උද්ඝෝෂණ කිරීමට ජනතාවට ඇති අයිතිය ආණ්ඩුව මර්දනය කරන බව පවසමින් සමගි ජන බලවේගය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන දොරටුව අසල උද්ඝෝෂණයක නිරත විය.

ඊට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09