බෙන්තොට, පිටාරඹ මුහුදු වෙරළට පිරිමි පුද්ගල නිසල සිරුරක් ඊයේ (01) දිනයේ ගොඩගසා තිබූ බව බෙන්තොට පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් තිබියදී හමුව ඇත්තේ බෙලිවත්ත ,කෝට්ටෙගොඩ, ලිපිනයේ පදිංචිව සිටි කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙක් ලෙස සේවය කළ අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය 30 වැනිදා බෙන්තොට පාලම මත තිබූ ගමන් මල්ලක තිබූ දුරකථනයක් නාද වෙමින් තිබීම සඳහා ඒ සම්බන්ධව අයෙක් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
අනතුරුව පොලිසිය විසින් එම දුරකථනය හරහා දුරකථන හිමිකරුගේ ඥාතීන් සම්බන්ධ කරගනිමින් දුරකථනය භාර දී ඇති බවයි වාර්තා වන්නේ.
පසුව එම දුරකථන හිමිකරු දින කිහිපයක සිය අතුරුදන්ව ඇති බවට පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරව පොලිසියෙන් සිදුකළ සොයා බැලීමේදී බෙන්තොට මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ මෙම මළ සිරුර පිළිබඳ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට හැකිවූ බව බෙන්තර පොලිසිය පවසනවා..










