හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් අදාළ මාධ්‍යවේදියාව කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (30) පැවති නඩුවකට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ පිටව යන අවස්ථාවේදී ඇති වූ සිද්ධියක් මත, අදාළ මාධ්‍යවේදියා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂකයෙකුට පහරදෙන ආකාරයත්, පසුව පොලිසිය මධිගත්ව ඔහුව එම ස්ථානයෙන් ඉවත්කරන ආකාරයත් වෙනත් මාධ්‍යවේදීන්ගේ කැමරාවල සටහන්ව තිබුණා.
පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් එම මාධ්‍යවේදියාට කැඳවීමක් කර තිබූ අතර,ඔහු නීතිඥවරයකු ද සමග පොලිසියට පැමිණ ඇති අතර, පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සිද්ධියෙන් පහරකෑමට ලක්වූයේ පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් සැරයන් ඒ. එච්. මහේෂ් රන්ජන් මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබනවා.













