පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ දඩයමේ ගොස් සිටියදී පොළොන්නරුව වනජීවි නිලධාරීන් විසින්, මුවමස් කිලෝ 14ක් සහ රුසියාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සමඟ සැකකරුවන් සිව්දෙනෙක් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තඹාල ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක සභාපතිවරයෙකු ඇතුළු සිව්දෙනෙක්.
සැකකරුවන් පිරිස අද (29) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් හාරලක්ෂ දහදාහක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කෙරුණා.
මෙම පුද්ගලයන් දීර්ඝ කාලයක සිට පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ මුව දඩයමේ ගොස් ඇති බවයි පැවසෙන්නේ.













