ආසියානු ක්‍රීඩා උළෙලක දී පළමුවරට ශ්‍රී ලංකාවට හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම් දිනාදීමට සමත් වූ රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
ජනාධිපතිවරයා සිය නිල එක්ස් ගිණුමට විශේෂ සටහනක් එක්කරමින් රුමේෂ්ට මෙලෙස සුබපැතුම් එක්කර තිබෙනවා.
රුමේෂ් සමස්ත ජාතියම ආඩම්බරයට පත් කර ඇති බවත්, ක්‍රීඩා ලොව ඉහළම ජයග්‍රහණය වන ඔලිම්පික් රන් පදක්කම දිනා ගැනීමේ ඉලක්කය කරා යන ගමනට තවදුරටත් සාර්ථකත්වය තමන් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපතිවරයා එහි දක්වා ඇත්තේ.
ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යන ගමනේදී රුමේෂ්ට සහ අනාගත බලාපොරොත්තු සහිත සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් සහායවීමට පූර්ණ කැපවීමෙන් කටයුතු කරන බවත් ජනාධිපතිවරයාගේ එක්ස් සටහනේ වැඩිදුරටත් දැක්වෙනවා.
අභියෝග ජය ගනිමින් ඉහළම ඉලක්ක කරා ළඟා වීමට රුමේෂ් සමඟ සමස්ත ජාතියම සිටින බවයි ජනාධිපතිවරයා පවසන්නේ.













