කෝටි තුනකට වැඩි රන් මාල, වළලු තොගයක් සමඟ ව්‍යාපාරික කත ගුවන්තොටේදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය පාරේ පදිංච් 38 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව ඊයේ (28) ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ ග්‍රෑම් 916ක් බරැති වළලු සහ මාල තොගයක්
සඟවා තිබිය දී සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස සොයාගැනුණු ආභරණ තොගයේ වටිනාකම රුපියල් තුන් කෝටි හැටහය ලක්ෂ විසිඅට දහස් නවසිය තිස්හතක් වනවා.

පසුව මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබූ අතර, මෙම ස්වර්ණාභරණ තොගය තුන් කෝටි හැටහය ලක්ෂ විසිඅට දහස් නවසිය තිස්හතයි ශත විසි හතක් ලෙස තක්සේරු කර , එම ස්වර්ණාභරණ තොගය රාජසන්තක කර, සැකකාරියට රුපියල් ලක්ෂ විසිපහක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46