රථවාහන වැරදිවලට රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් – හැඩගැහෙන්න අද සිට මාස 06ක්

රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදය ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙය අද (28) දිනයේ සිට මස 06ක නියමු ව්‍යාපෘතියක් ලෙස පළමුව ආරම්භ කරන බවයි.

අද (28) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් ”DEMERIT SYSTEM” හඳුන්වා දීමට තීරණය කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

වසර දෙකක කාලයක් සඳහා රියදුරන්ට නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහා මාර්ගයේ සිදුකරන රථවාහන වැරදිවලට අදාළව ලකුණු අඩුකිරීමට එමඟින් සිදුකෙරෙනවා.

ඒ, අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙම ක්‍රමවේදයට හැඩගැසීම සඳහා අද (28) දිනයේ සිට මාස 06ක කාලයක් රියදුරන්ට ලබාදී ඇති බවයි.

මේ අතර රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29
Video thumbnail
වගුරු බිමක කසිප්පු පෙරමින් සිටි පුද්ගලයෙක් පොලිසියට කොටුවෙයි
01:29
Video thumbnail
හරි ලස්සනට අහස් යාත්‍රාවලින් බොරු දෙකක් හැදුවා..නාමල් මේකෙනුත් නිර්දෝෂි වෙනවා
01:43
Video thumbnail
නාමල්ගේ ආරක්ෂාවට තර්ජනයක් - පොහොට්ටුවෙන් පැමිණිල්ලක්..නාමල් එන බසයේ Photo සමාජ මාධ්‍යයේ දානවා
04:43
Video thumbnail
හරිත පත්‍රිකාව දේශපාලන පක්ෂ සියල්ලටම ලබා දීලා තියෙන්නේ
02:30
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:51
Video thumbnail
විසඳුම් නොලැබුනොත් සිකුරාදා සිට තෙල් බෙදන්නේ නෑ ?පෞද්ගලික ටැංකි රථ හිමියන්ගෙන් රතු එළියක්
04:58
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා - අනුරුද්ධ කුමාර ජාතික පාසලේ දෙමාපියන් කුපිත වී මහ පාරට බහියි
06:02