උතුරු වෙරළේ අද (27) අලුයම සිදුකළ මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව වුණා.
මෙහිදී අයිස් සහ හෙරොයින් සොයාගැනීමට හැකි වූ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ ප්‍රමාණය ගණනය කිරීමේ කටයුතු යාපනය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමඟ එක්ව මේ වනවිට සිදුකරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙම මෙහෙයුමේ දී එක් සැකකරුවෙක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක් ද නාවික හමුදාව සිය භාරයට ගෙන තිබුණා.













