කොංගෝ ජනරජයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නිරිතදිග කොංගෝවේ ‘කිකුයිට්’ සිට අගනුවර වන ‘කින්ෂාසා’වෙත ආපසු පැමිණෙමින් තිබූ මෙම යානය ‘කෙන්ගේ’ ප්‍රදේශයට මෙලෙස කඩා වැටී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
කොංගෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ට්රයිෆොන් කින්-කී මුලුම්බා පැවසුවේ අනතුරට හේතුව තවම අනාවරණය වී නොමැති බවයි.
කොංගෝ හමුදා අධිකරණයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් මුටොම්බෝ කටලායි ටියෙන්ඩේ සහ සන්නද්ධ හමුදාවල විගණකාධිපති ලුතිනන් ජෙනරාල් බකුමි ලිකුලියා මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරීන් දෙදෙනායි.
මෙම අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.













