හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවෙකුගෙන් අනාවරණය කරගත් තොරතුරු මත බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (24) පිළියන්දල පොලිස් වසමේ තුම්බෝවිල ප්‍රදේශයේදී වැටලීමක් සිදුකර තිබෙනවා.
මෙම වැටලීමේ දී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි සැකකරුවෙක් සහ ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු හා සැකකාරියක් හෙරොයින් කිලෝග්‍රෑම් 11 ග්‍රෑම් 69ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 90ක් සමඟ අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 24 සහ 31 යන වයස්වල පසුවන අතර, සැකකාරිය 27 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.
මොවුන් දෙහිවල, ඇඹිලිපිටිය හා වෑගොව්ව යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුවන් හා සැකකාරිය අද (25) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත අතර, බස්නාහිර පළාතඋතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













