ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය ද මෙම මාසයේ හදිසි මිල වැඩි කිරීමක් සිදුනොකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.
එම සංස්ථාවේ සභාපති ඩී ඒ රාජකරුණා සඳහන් කළේ, ගෝලීය ඉන්ධන මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් සිටින බවයි.
මේ අතර ඉරාන – ඇමරිකා යුද ආතතීන් යළි උත්සන්නවීමත් සමඟ පසුගිය දිනවල සිඝ්‍රයෙන් ඉහළ ගිය ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් අද වනවිට ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් දක්නට ලැබෙනවා.













