කිලිනොච්චි නගරයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (10) රාත්රී 08ට පමණ ඇති වූ ගැටුමක් අතරතුර සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ටිපර් රථයකට ඉන්ධන පිරවීමට පැමිණි පුද්ගලයෙකුට ඉන්ධන පිරවීමෙන් පසු එම වාහනය ඉදිරියට ගෙන යන ලෙස සේවකයා ඉල්ලා සිට ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදු වූ බහිබස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුව ටිපර් රථ රියදුරු, තවත් පුද්ගලයන් පස් දෙනෙක් සමඟ පැමිණ ඉන්ධන පිරවුම්හලේ සිටි පිරිසකට පිහියෙන් ඇන පහර දී තිබෙනවා.
එලෙස පහරකෑමට ලක්වූ පිරිස අතර ඉන්ධන පිරවුම්හලේ හිමිකරු, කළමනාකරු, සේවකයෙක් සහ පාරිභෝගිකයෙක් ද වන බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් තුවාල ලැබූ සිව්දෙනා රෝහල් ගත කර තිබෙනවා.













