වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජයෙන් මිලියන 4.506ක්

රාජ්‍ය වැවිලි ආයතනවල වතු කම්කරුවන්ගේ හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීමේ වැඩසටහනක් ඊයේ (10) මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණා.

ඒ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්නගේ සහ කම්කරු අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන්.

වතු කම්කරුවන්ට වසර ගණනාවක් පුරා නොගෙවා පැවති හිඟ ව්‍යවස්ථාපිත දීමනා පියවීම වෙනුවෙන් රුපියල් මිලියන 4,506ක මුදලක් වෙන්කර තිබෙනවා.

ඒ අනුව, මෙම සමාරම්භක අවස්ථාවේදී ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ (SLSPC) සේවකයින් 164 දෙනෙකුට, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ (JEDB) සේවකයින් 87 දෙනෙකුට සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගමේ (EPL) සේවකයින් 52 දෙනෙකුට, හිඟ පාරිතෝෂික මුදල් සඳහා අදාළ චෙක්පත් හිමි වනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සඳහා රුපියල් මිලියන 1,961ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සඳහා රුපියල් මිලියන 2,043ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සඳහා රුපියල් මිලියන 503ක් වශයෙන් සමස්ත රුපියල් මිලියන 4,506ක් වෙන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58
Video thumbnail
ජනාධිපති රට වටේ ගිහින් පරණ බොරු පම්පෝරි නැවත කියනවා - රටට ආදරය කරන ජනතාව හෙට එන්න
04:47
Video thumbnail
2016 බොරතෙල් ආනයනයේදී දැවැන්ත දූ#ණයක් වෙලා..දයාසිරි කට අරියි
05:44