‘අපේ ආණ්ඩුව’, ‘වසර දෙකයි – රටට සුබයි’ යන තේමාව යටතේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ, පොළොන්නරුව දිස්ත්‍රික්කය මූලික කරගනිමින් හෙට (12) දිනයේ රැලියක් සංවිධානය කර තිබෙනවා.
පොළොන්නරුව, දීප උයන පරිශ්‍රයේ දී මෙම රැලිය පැවැත්වීමට නියමිත අතර, මෙම ජන රැලි මාලාවේ, ”ගොවි රැලිය” ලෙස හෙට දිනයේ පවත්වන මෙම රැලිය, ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව, හෙට (12) පස්වරු 04.00 ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය ආරම්භ වීමට නියමිතයි.
එමෙන්ම හෙට (12) දිනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසිනුත් අනුරාධපුරයේදී ජන රැලියක් සංවිධානය කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධනය කර තිබෙන මෙම රැලිය හෙට (12) අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගනයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.













