මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අවුරුදු එකොළහකට පසුව විත්තිකරුට බලපිටිය මහාධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමකර තිබෙනවා.
පිටිගල පොලිස් වසමේ මිරිස්වත්ත ප්‍රදේශයේ දී 2015 වසරේ අප්‍රේල් මස 14 දින පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවෙකුට මෙලෙස මරණීය දණ්ඩනය පැනවීමට තීන්දු කර ඇති බවයි වාර්තා වුණේ.
මෙම මීනිමැරුම් නඩුවට අදාළව චෝදනා ලබා සිටි මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වින්තුව රාජ් චන්ද්‍ර මෝගන් නමැති විත්තිකරුවෙකුට ඊයේ (10) මෙලෙස මරණිය දණ්ඩනය පනවා තිබෙනවා.
උතුරු පිටිගල සෝම සුන්දරම් ක්‍රිශ්න කුමාර් නමැති පුද්ගලයෙක් විසින් පිටිගල පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා තිබුණා.
පිටිගල පොලිසියේ විමර්ශන නිලධාරී සැරයන් කාරියවසම් ජයලත්ගේ විසින් මෙම නඩුව මෙහෙය වූ අතර, රජයේ අධිනීතීඥ සෙනුරි ගුණතිලක පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියා.













