නාවික හමුදාව විසින් ඊයේ (09) දින මූතූර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද මත්ස්‍යයින් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා නාවික නෞකා පැරකුම්බා ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ ආයතනය හා එක්ව, මූතූර් ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ලොරි රථයක් පරීක්‍ෂාවට කාර ඇති අතර එහිදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද බවට සැකකෙරෙන කිලෝ ග්‍රෑම් 820 පමණ මත්ස්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු හසුකර ගැනීමට හැකිව ඇති බවයි නාවිකා හමුදාව පවසන්නේ.
තවද, මෙම මෙහෙයුම මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරු වයස අවුරුදු 40ක් වන පොඩුවයිකට්ටු සෙන්දූර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවට හදුනාගෙන ඇති අතර, එම සැකකරු, ලොරි රථය සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මූතූර් ධීවර පරීක්‍ෂක කාර්යාලයේ සම්බන්ධීකරණයෙන්, මූතූර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.













