ප්‍රගතිය වාර්තා නොකර තවදුරටත් විමර්ශනය කරනවා කියන්න එපා – කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අල්ලස් කොමිසමට දන්වයි

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අල්ලස් කොමිසමට වෙනම නීතියක් තිබිය නොහැකි බවත්, අධිකරණ ක්‍රියාවලිය අනුගමනය කිරීමට කොමිසම බැඳී සිටින බවත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම පෙරේදා (08) අවධාරණය කළා.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීම සිදු කළ යුතු බවත් එසේ නොකොට තවදුරටත් විමර්ශන සිදු කරන බව පමණක් සඳහන් කිරීම නොකරන ලෙසත්, මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියා.

අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාළව විමර්ශනය ප්‍රගතිය හෝ විමර්ශනයට අදාළ සාක්ෂි සම්පිණ්ඩන වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කරමින් මහෙස්ත්‍රාත්වරයා එසේ පැවසුවා.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා තවදුරටත් අවධාරණය කර සිටියේ අල්ලස් කොමිසමේ නිලධාරීන් දෙදෙනකු අධිකරණය ඉදිරියේ පෙනී සිටිනවා නම් ඔවුන් සමස්ත අල්ලස් කොමිසම නියෝජනය කරන බවට අධිකරණයට හැඟී යන බවයි.

අධිකරණය ඉදිරියේ කැඳවන නඩු සම්බන්ධයෙන් නිසි කරුණු ඉදිරිපත් කිරීමට ඔවුන් බැඳී සිටින බවත් එසේ කරුණු ඉදිරිපත් නොකර නොසිටින ලෙසත් දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ඉන්නේ
12:21
Video thumbnail
අනුර කුමාර ලෝක වාර්තාවක් තියන්න යනවා - අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:44
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51