පොළොන්නරුව – හබරණ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, දේවාල වංගුව ප්‍රදේශයේ දී අද (10) අලුයම 4.45 පමණ මැදිරිගිරියේ සිට කොළඹ බලා ධාවනය වුණු පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇල මාර්ගයකට පෙරළී ආනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරෙන් බස් රථයේ ගමන්ගත් මඟින් 20 දෙනෙක් තුවාල ලබා හබරණ සහ හිඟුරක්ගොඩ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි මින්නේරිය පොලිසිය සඳහන් කරන්නේ.













