බර අඩු පාන් සොයා පාරිභෝගික අධිකාරියෙන් දිවයින පුරා වැටලීම්

පාරිභෝගිකයා ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් වෙළඳපොලේ පවතිනවා ද යන්න තහවුරු කර ගැනීම සඳහා සැප්තැම්බර් 01 සිට 03 දක්වා දිවයින පුරා පාන් සම්බන්ධ විශේෂ වැටලීම් හා විමර්ශන ක්‍රියාත්මක කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

මෙම වැටලීම් යටතේ සිල්ලර වෙළෙඳසැල් සහ බේකරි ඇතුළුව ආයතන 118ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

පාන්වල නියමිත බර, බර සහ මිල නිසි ලෙස ප්‍රදර්ශනය කිරීම සහ බර අඩු පාන් හමු වූ විට ඒවා නිෂ්පාදනය කළ හෝ සැපයූ බේකරිය දක්වා සැපයුම් දාමය පසුපසට විමර්ශනය කළ හැකිද යන්න සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් පරීක්ෂාවට ලක්ව ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙන්නේ.

මෙම වැටලීම්වලින්, පැහැදිලි බර තොරතුරු ලැබුණු වෙළෙඳසැල් සහ බේකරි අතරින් 54ක බර අඩු පාන් හමු වී ඇති අතර, වෙළෙඳසැල් සහ බේකරි 76ක පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබුණු බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

එමෙන්ම වෙළෙඳසැල් සහ බේකරි 65ක පාන්වල මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර තිබී නැහැ.

සම්පූර්ණ පාන් ගෙඩියක් නියමිත බර ග්‍රෑම් 450ක් වන අතර, අර්ධ පාන් ගෙඩියක බර ග්‍රෑම් 225ක්.

පාන්වල බර, මිල හෝ වෙනත් වෙළෙඳ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඇත්නම් කාර්යාල වේලාවන් තුළ 1977 පාරිභෝගික කෙටි ඇමතුම් අංකය ඔස්සේ දැනුම් දෙන ලෙස ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දෙන්න සල්ලි ටික - ඔයාලට වඩා හොඳට වැඩ කරයි
02:39
Video thumbnail
රාජපක්ෂ පවුලට දවස් 7ක් මදි වෙලා දැන්
00:51
Video thumbnail
නාමල් ගැන ඒ බය තියාගත්තා නම් ඇති
08:58
Video thumbnail
ලැට් හවුස් නෙවෙයි - වරදවා තේරුම් ගන්න එපා - ලැටිමා හවුස් ප්‍රින්සිපල් එක කුඩු පට්ටම් කරලා තියෙන්නේ
10:01
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37