ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 ඉක්මවයි

ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඇමරිකානු නාවික හමුදා යුද නෞකාවකට එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරවලින් පසුව, ඉරාන බොරතෙල් ප්‍රවාහන නෞකා පහක් විනාශ කළ බව එක්සත් ජනපද හමුදාව පවසනවා.

ඊට ප්‍රතිචාර වශයෙන්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පැවසුවේ, තම හමුදා ඇමරිකානු යාත්‍රා දෙකක් සහ තෙල් ටැංකි අටක් ඉලක්ක කළ බවයි.

දෙපාර්ශ්වය අතර ගැටුම් මෙලෙස උත්සන්න වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 100 සීමාව දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව මේ වනවිට ලෝක වෙළඳපොළේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර්110.8ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 99.40ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක් ඩොලර් 94.27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මාස හයක් පුරා පැවති යුද්ධයට ස්ථිර විසඳුමක් සඳහා වූ බලාපොරොත්තු මැකී ගොස් නැවත සටන් ඇවිළෙන පසුබිමක මෙලෙස බොරතෙල් මිල ඉහළ යෑම ලෝක ආර්ථිකයට එල්ල කරන්නේ දැඩි බලපෑමක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.09
00:00
Video thumbnail
නාමල්ව බේරාගන්න ජිනීවා ගියා මිලින්ද ලෝකෙටම ඇහෙන්න කිව්ව දේ..
01:39
Video thumbnail
"හිර කූඩුවේ ඉද්දි හරි නාමල් පුතාව ජනාධිපති කරනවා" - 12 වැනිදා රැළියට එනවා කියලත් කියන්න"
00:16
Video thumbnail
වෙඩි පත්තු වූ අතුරුගිරිය හෝටලයට දැඩි ආරක්ෂාවක්
00:39
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
01:15:31
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43