සරණ ගුණවර්ධනගේ නඩුවට අල්ලස් දීමේ සිද්ධියේ පැමිණිල්ල විනිසුරුවරයාගෙන්

කොළඹ මහාධිකරණයේ විභාග වන හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුප්ත ගුණවර්ධන යන අයට විරුද්ධව අල්ලස් කොමිසම විසින් පවරා ඇති අල්ලස් නඩුවකට අධිකරණයේ විනිසුරුතුමා ලවා අත්හිටවු සිර දඩුවම් ලබා දීම සඳහා රුපියල් 750,000 /= ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකවරයා ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (08) නියෝග කළා.

සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් කොමිසම විසින් අද (08) අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ.

එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ මහාධිකරණයේ අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයෙක් වශයෙන් සේවයේ යෙදී සිටි අයෙක්.

සැකකරු මහාධිකරණ විනිසුරුවරයාට දුරකථනයෙන් අමතා නඩුවක් ගැන විමසීම් කර ඇති බව පැවසෙනවා.

එම අවස්ථාවේදී විනිසුරුවරයා විසින් ”මගෙත් එක්ක නඩු ගැන කතා කරන්න ඔයාට පුළුවන්ද” යනුවෙන් සැකකරුගෙන් විමසා තිබෙනවා.

සැකකරු එම අවස්ථාවේදී මේ කාරණය උසාවියේදී කතා කළ නොහැකි බවත්, හමුවී කතා කළ හැකි බවත් පවසා තිබෙනවා.

පසුව විනිසුරුවරයාගේ ප්‍රතිචාරය මත අදාල කරුණ විනිසුරුවරයාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.

එම අවස්ථාවේම විනිසුරයා විසින් අදාළ කරුණ අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී සරණ ගුණවර්ධන යන අයගේ බිරිඳ සමඟ වට්ස්ඇප් මගින් සංවාද පවත්වා ඇති බව අනාවරණය වී ඇති බවත් සැකකරුගේ දුරකථන සංවාද හා යොමු කළ රිසිට්පත් අනුව රුපියල් පනස් දහසක මුදලක් වරින් වර ගිණුම්ගත කර තිබෙනවා.

මෙහිදී පැමිණිල්ලට ප්‍රශ්නයක් යොමු කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් හත් ලක්ෂ 50000ක මුදලින් රුපියල් ලක්ෂ පහක මුදලක් දුන්නේ යැයි කියන මහාධිකරණ පොත් බැඳුම්කරුවකු වන ධනුෂ්ක යන අය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළාදැයි විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දැක්වූ විමර්ශන නිලධාරීන් සඳහන්කර සිටියේ, එම පොත් බැඳුම්කරු අල්ලස් කොමිසමට කැඳවා එම අවස්ථාව වන විට ප්‍රකාශ සටහන් කරමින් පවතින බවයි.

සිද්ධියට සම්බන්ධ යැයි කියන අත්තනගල්ල රෙජිස්ටර්වරයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන විමර්ශන නිලධාරීන් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41