ඉන්දීය ආරක්ෂක ඇමති දිවයිනට පැමිණෙයි

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං නිල සංචාරයක් සඳහා අද (08) දහවල් දිවයිනට පැමිණියා.

අමාත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකු ද පැමිණ සිටියා. .

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් හමුදාවට අයත් අයි.එෆ්.සී.- 032 දරන ගුවන් යානයෙන් අද (08) දින දහවල් 01.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

රාජ්නාත් සිං අමාත්‍යවරයා අද (08) සිට ලබන 10 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:52
Video thumbnail
මෙට්‍රෝ බස් එක ප්‍රවාහනයේ අනාගතය ගැන පින්තූරයක් දෙනවා - මේවා විශ්ව කර්ම නෙමෙයි
09:25
Video thumbnail
නාමල්ගේ ජනතා ප්‍රසාදය බලාගන්න පුළුවන්, ඡන්දේ තියන්න
05:53
Video thumbnail
ගැරඬියෙක් ගියාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි
03:22
Video thumbnail
ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම ගැන අනුරාධා කට අරියි - රැඳවුම් බාරයේ තබාගැනීම ගැන UNHRC එක විවේචනය කරනවා
08:59
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59