මිලියන 205ක පිරිවැයකින් ප්‍රතිසංස්කරණය කෙරෙන කොළම්ඹුතුරෙයි ජැටිය ඇමතිගේ නිරීක්ෂණයට

යාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

ධීවරයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ ස්ථානයේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා සිටියා.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 205 ක මුළු පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, වර්තමානය වන විට ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් වෙමින් පැවතියද, සැලසුම් කළ කාලයට වඩා කටයුතු තරමක් ප්‍රමාද වී ඇති බව නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව, ධීවරයන්ගේ සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන, ඉතිරි කටයුතු කඩිනම් කර ඉදිරි මාස දෙක ඇතුළත සියලු වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදු කෙරුණා.

තවද, ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ඊට අදාළ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීම ඇතුළු කරුණු පිළිබඳව ද අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණා.

කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ධීවරයන්ගේ වෘත්තීය අවශ්‍යතා පහසු වන අතරම, ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00
Video thumbnail
S.M. චන්ද්‍රසේන අධිකරණයට ඇවිත් කිව්ව දේ - "විශාල අසාධාරණකම් වෙමින් තියෙන්නේ"
03:01
Video thumbnail
පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි..කවුරුවත් කලබල වෙන්න එපා - ජනපති අනුර කිව්ව අමුතු කතාව
01:33
Video thumbnail
අවුරුදු ගාණක් තම පවුල නඩත්තු කළ එළදෙනගේ අහිමිවීම කොහොම දරාගන්නද ?බලන්නකෝ ඒ ආදරය
02:45
Video thumbnail
එළදෙන බේරගන්න ගිය ලොරි රථය කාර් රථයක වැදී බිහිසුණු අනතුරක් - එළදෙන එතනම එළොව ගිහින්
03:39
Video thumbnail
Pop Culture Festival වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ Alan Walker දිවයිනට ආපු හැටි
00:24
Video thumbnail
'නවෝදයාපුරම්' නිවාස ව්‍යාපෘතිය ජනපති සුරතින් ජනතා අයිතියට"ලස්සන ජීවිතයක් දුන්නට අනුර මාමාට ස්තූතියි"
02:10
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44