රුපියල් හැටහය ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (14) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්.
සැකකරු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් අද (14) අලුයම 12.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු විසින් එහිදී රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ දුම්වැටි 44,000ක් අඩංගු දුම්වැටි කාටූන් 220ක් සඟවා රැගෙනවිත්ති බෙනවා.
සැකකරු ඉන්දියාවේ, රාජස්ථාන් ප්‍රාන්තයේ පදිංචි වයස අවුරුදු 35ක් වන මුදල් අයකැමිවරයෙක් බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













