හැටහය ලක්ෂයක චීන දුම්වැටි සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් හැටහය ලක්ෂයක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙක් අද (14) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින්.

සැකකරු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිළදී ගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ ඇති අතර එතැන් සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් අද (14) අලුයම 12.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් එහිදී රැගෙන ආ ගමන් මලු 03 ක් තුළ දුම්වැටි 44,000ක් අඩංගු දුම්වැටි කාටූන් 220ක් සඟවා රැගෙනවිත්ති බෙනවා.

සැකකරු ඉන්දියාවේ, රාජස්ථාන් ප්‍රාන්තයේ පදිංචි වයස අවුරුදු 35ක් වන මුදල් අයකැමිවරයෙක් බවයි වාර්තා වන්නේ.

අදාළ සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11
Video thumbnail
වත්තල වෙ# තැබීමේ සිද්ධියේ සැකකරුවන් ඉන්දියාවේ සිට පිටුවහල් කර එවයි
01:23
Video thumbnail
මහ පාරේ රේස් යන බස් රථ
00:39
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි
00:38
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
00:46
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:11
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
02:10