ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල හෙට (12) දිනයේ දී විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සබරගමුව සහ වයඹ පළාත්වල සහ ගම්පහ, කොළඹ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.
ඊට අමතරව ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්ට්ය්හමේන්තුව පවසනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.













