මැලේසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ ඇතුළු සැකකරුවන් තිදෙනා රැගත් ගුවන් යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත මේ වන විට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ALK315 දරණ ගුවන් යානය මඟින් මෙම සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනාව මෙරටට රැගෙන එනු ලැබුවා.
ඒ, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.
ධනුෂ්ක කෞෂල්‍ය හෙවත් ‘රත්මලානේ සයිමා’ නැමැත්තා ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයා ලෙසටයි සැලකෙන්නේ.













