සම්මානනීය ප්‍රකට හොලිවුඩ් නිළි රොසමන්ඩ් පයික් (Rosamund Pike) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටිනවා.
‘බිම්බෝම්බ උපදේශක කණ්ඩායමේ’ තානාපතිවරියක් වශයෙන් කටයුතු කරන රොසමන්ඩ්ගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ පසුගිය වසර 17 තුළ ශ්‍රී ලංකාව තුළ බිම්බෝම්බ මිලියනයක් සාර්ථකව ඉවත් සන්ධිස්ථානය සනිටුහන් කිරීමයි.
එමෙන්ම මෙරට රැඳී සිටින කාලය අතරතුර ඇය, උතුරු පළාතේ මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික්කවල බිම්බෝම්බ ඉවත් කරන ප්‍රදේශ වෙත ගොස්, බිම්බෝම්බ නිසා විපතට පත් ජනතාව හමුවීමට මෙන්ම, පාසල් දරුවන් සඳහා පවත්වනු ලබන බිම්බෝම්බ අවදානම් දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයකටද සහභාගී වී තිබෙනවා.
මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අදාළ නිලධාරීන් හමුවී මෙරට මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා පැවැත්වීමටද නියමිතව තිබෙනවා.













