බන්ධනාගාරයට කුඩු රැගෙන ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

කළුතර බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යාමට උත්සහ කළ පුද්ගලයන් දෙදෙනෙක් අඟුරුවාතොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් බවයි පොලිසිය පවසන්නේ.

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාර ගතකර සිටින තම සහෝදරයා බැලීම සඳහා සැකකරුවන් දෙදෙනා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මිල්ලනිය, බටගොඩ මාර්ගයේ දී දෛනික මුර රාජකාරියේ සිටි පොලිස් නිලධාරීන් බටගොඩ ප්‍රදේශයේ මාර්ග බාධකයක් දමා රථ වාහන පරීක්ෂා කිරීමේ දී කෑම පාර්සල් දෙකක රැගෙන ගිය හෙරොයින් මත්කුඩු මිලිග්‍රැම් 12,400ක් සමඟ මෙම සැකකරු දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අඟුරුවාතොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32
Video thumbnail
නාමල්ට තියෙන බය නිසා ඔහුව හිර කරලා තියාගන්න හදන්නේ ආණ්ඩුව
06:51
Video thumbnail
22 සම්මත වුණොත් වෙන විනාශය මෙන්න ?විනිසුරුවරුන් විශාල ගණනක් අධිකරණයට පැක් කරන්නේ
05:08