නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය (03) දින අලුයම සිට වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා.
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරනවා.
මේ අතර ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් (03) දින අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවන පවසනවා.
ඒ, අනුව ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙසයි දැනුම් දෙන්නේ.
මධ්‍යම කඳුකාරයේ කොටසකට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ සෙන් ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලිවල ජල ධාරිතාව ද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.













