මහර බන්ධනාගාරය තුළ රඳවා සිටි රැඳවියන් පිරිසක් එම බන්ධනාගාරයෙන් පිටතට මේ වනවිට රැගෙන ගොස් තිබෙනවා.
එම රැඳවියන් පිරිස බන්ධනාගාර බස් රථවල නංවාගෙන මහර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන ගිය බවයි දසත නිවුස් මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් විමසීමට අප බන්ධනගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දුරකථනය ප්‍රතිචාර දැක්වූයේ නැහැ.













