කොළඹ වරායට නාවික සැතපුම් 17ක් බටහිර දෙසින් යාත්‍රා කළ වෙළඳ නෞකාවක තිබූ බහාලුම් 17ක් මුහුදට වැටී ඇති බවට තොරතුරු වාර්තා වනවා.
මේ හේතුවෙන් මීගමුව , පුත්තලම සහ හලාවත මුහුදේ යාත්‍රා කරන්නන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්වන්නැයි ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කරනවා.
යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.













