වෙ‍ළඳ නෞකාවක තිබූ බහාලුම් 17ක් මුහුදට වැටෙයි

කොළඹ වරායට නාවික සැතපුම් 17ක් බටහිර දෙසින් යාත්‍රා කළ වෙ‍ළඳ නෞකාවක තිබූ බහාලුම් 17ක් මුහුදට වැටී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ හේතුවෙන් මීගමුව , පුත්තලම සහ හලාවත මුහුදේ යාත්‍රා කරන්නන් ඒ සම්බන්ධයෙන් විමසිලිමත්වන්නැයි ධීවර දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් කරනවා.

යම් හෙයකින් මෙම පාවෙමින් පවතින බහාලුම් නිරීක්ෂණය වුවහොත්, වහාම ඒ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ ගුවන් විදුලි පණිවිඩ මධ්‍යස්ථානය වෙත හෝ ආසන්නතම ධීවර වරාය නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසයි ඉල්ලා සිටින්නේ.