හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කළා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම දඬුවම නියම කළා.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබිය දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම තුළ සාපරාධී ලෙස වගකීම් පැහැරහරිමින් පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500කට ආසන්න පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා 855ක් යටතේ අධිචෝදනා ගොනු කළා.

එම අධි චෝදනා 855න් 854කට ඔහු වරදකරු කෙරුණා.

සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරු පුජිත් ජයසුන්දර වරදකරු බව තීරණය කළ අතර, විනිසුරු විරාජ් විරසුරිය විනිසුරුවරයා තීන්දු කර ඇත්තේ අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත්ව ඇති බවයි.

ඒ, අනුව බහුතර තීන්දුවෙන් මරණ දඬුවම නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57