හිටපු යුද හමු­දා­පති ෆොන්සේකාට බෝම්බ තැබූ දෙදෙනෙකුට වසර 17කට පසු ඇප

හිටපු යුද හමු­දා­පති සරත් ෆොන්සේකා ඝාත­නය කිරීමේ අර­මු­ණින් එල්.ටී.ටී.ඊ. මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රි­යක යොදවා ප්‍රහා­ර­යක් සිදු කිරී­මට ආධාර අනු­බලදීමේ චෝද­නාව යටතේ නඩු පවරා සිටි විත්ති­ක­රු­වන් දෙදෙ­න­කුට වසර 17කට පසු කොළඹ මහා­ධි­ක­ර­ණය ඊයේ (30) ඇප නියම කළා.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරී­මට නොහැ­කි­වීම නිසා එම චුදි­ත­යන් තව­දු­ර­ටත් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­මටයි කොළඹ මහා­ධි­ක­රණ විනි­සුරු බුද්ධි සී. රාගල මහතා නියෝග කළේය.

රුපි­යල් ලක්ෂ 02ක මුදල් ඇප­යක් සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 04ක් විත්ති­ක­රු­වන්ට අධි­ක­ර­ණය නියම කළ අතර, එම ඇප තැන්පත් කිරී­මට ඔවුන් අස­මත් වුණා.

එම ඇප කොන්දේ­සි­ව­ලට අම­ත­රව සතියේ 2 වැනි සහ 4 වැනි ඉරිදා දින­වල උදෑ­සන ත්‍රස්ත මර්දන කොට්ඨා­ස­යට වාර්තා කිරීමට හා චුදි­ත­යන්ගේ විදෙස් ගමන් බල­පත්‍ර අධි­ක­ර­ණය භාර­යට ගැනී­මට නියම වුණා.

මෙලෙස ඇප හිමි­වූයේ ශම්මු­ග­ලිං­ගම් සූරි­ය­කු­මාර් සහ තම්බ­යියා ප්‍රකාශ් හෙවත් ‘ධනුෂ්’ යන හිටපු එල්.ටී.ටී.ඊ. සාමා­ජි­ක­යන් යැයි කියන විත්ති­ක­රු­වන් දෙදෙ­නා­ටයි.

විත්ති­ක­රු­වන් මෝස­මක් මාර්ග­යෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට කළ ඉල්ලී­මක් අනුව වසර 17ක් වැනි දීර්ඝ කාල­යක් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටීම සැල­කි­ල්ලට ගෙන මෙම ඇප දීමට නියෝග කෙරුණා.

එම නියෝ­ගය අනුව මහා­ධි­ක­ර­ණ­යේදී ඇප හිමි වුණා.

චුදි­ත­යන්ට විරු­ද්ධව ඉදි­රි­පත්ව ඇති චෝද­නා­ව­ලට නියම කළ හැකි උප­රිම දඬු­වම වන්නේ වසර 20ක සිර­ද­ඬු­ව­මක්.

2006 අප්‍රේල් 25 වනදා කොළඹ යුද හමුදා මූල­ස්ථාන පිවි­සුම් දොර­ටුව අස­ලදී ‘දුර්ගා’ නමැති එල්.ටී.ටී.ඊ. මරා­ගෙන මැරෙන බෝම්බ­කා­රිය විසින් මෙම ප්‍රහා­රය එල්ල කරනු ලැබුවා.

මෙම සිදු­වී­මට අදා­ළව නීති­ප­ති­ව­රයා විසින් විත්ති­ක­රු­වන්ට එරෙ­හිව අධි­චෝ­දනා 230ක් යටතේ නඩුව පවරා තිබුණා.

එම මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යෙන් එව­කට යුද හමු­දා­පති සරත් ෆොන්සේකා බර­ප­තළ ලෙස තුවාල ලැබූ අතර, ඔහුගේ ආර­ක්ෂා­වට යොදවා සිටි යුද හමුදා සැර­ය­න්ව­ර­යෙකු සහ කෝප්‍ර­ල්ව­රුන් තිදෙ­නෙකු ඇතුළු ආර­ක්ෂක අංශ
සාමා­ජි­කයන් සහ සිවිල් වැසි­යන් පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත් වුණා.

විත්ති­ක­රු­වන්ට මෙම නඩු­වට අම­ත­රව හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන බොර­ලැ­ස්ග­මු­වේදී ඝාත­නය කිරී­මට උත්සාහ කිරීමේ චෝද­නාව යටතේ සහ හිටපු ඇමැති ජෙය­රාජ් ප්‍රනා­න්දු­පුල්ලේ වැලි­වේ­රි­යේ දී ඝාත­නය කිරී­මට අනු­බල දීමේ චෝද­නාව යටතේ නඩු පවරා තිබුණා.

ප්‍රනා­න්දු­පුල්ලේ ඝාතන නඩු­වෙන් එම චුදි­ත­යන් හා විත්ති­කාර හිටපු සහ­කාර පොලිස් අධි­කාරී ලක්ෂ්මන් කුරේ නිද­හස් වුණා.

හිටපු ජනා­ධි­පති මෛත්‍රී­පාල නඩුවේ චුදි­ත­යන්ට අදාළ ඇප නියෝ­ගය ලබන අගෝස්තු 07 ප්‍රකාශ කිරී­මට නිය­මි­තයි.

මෙම නඩුවේ ප්‍රධාන විත්ති­කරු වන සෙල්ව­රාසා කිරු­බා­ක­රන් හෙවත් ‘මොරිස්’ වෙනත් නඩු­ව­කට වැර­දි­කරු වී සිර­ද­ඬු­වම් නියමව සිටින බැවින් ඔහු සම්බ­න්ධ­යෙන් ඇප නියෝ­ග­යක් ඉදි­රි­පත් නොවුණා.

අධි­ක­ර­ණය හමුවේ පැමි­ණිල්ල වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලි­සි­ටර් ජන­රාල් ලක්මාලි කරු­ණා­නා­යක පෙනී සිටි අතර, විත්තිය වෙනු­වෙන් නීතිඥ සුරංග බණ්ඩාර සහ නීතිඥ ආනෝල්ඩ් ප්‍රිය­න්තන් ඇතුළු නීතිඥ මණ්ඩ­ල­යක් පෙනී සිටි­යා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා ?දොලවත්ත හෙළිකරයි
06:28
Video thumbnail
දයාසිරි, දොලවත්තගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් - විනිසුරුවරුන් තාම අල්ලස් අරගෙන නැහැ
08:01
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් හෙළිදරව්වක්
03:26
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට නඩු ඉක්මන් වෙන්නේ නෑ - ඔයාලා පොරොන්දු වුණේ පැච් දාන්න නෙවෙයි
14:15
Video thumbnail
අනීතිකව සුඛෝපභෝගීව ජීවත් වෙන්න ගිහින් විනාශ වෙන්න එපා - වසර 5 - 20 දක්වා සිර දඬුවම් දෙන්න වෙනවා
04:23
Video thumbnail
මාස 9ට මත්ද්‍රව්‍ය වැරදිවලට ළමුන් 743ක් අත්අඩංගුවට ගත්තා - ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්
05:33
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක්
00:38
Video thumbnail
ටිපර් රථයක් - කැබ් රථයක වැදී බිහිසුණු අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩුවෙලා
01:10
Video thumbnail
වැල්ලවාය කඳු රක්ෂිතයේ හටගත් විශාල ගින්න
00:50
Video thumbnail
හිටපු අධ්‍යක්ෂ ජනරාල්ගෙන් එල්ලිනෝ ගැන විශේෂ හෙළිදරව්වක් - විශාල ආහාර හිඟයක් ?
18:35