මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අනිද්දා (31) දිනයේ සිදු කිරීමට නියමිතයි.
මෙම ඉන්ධන මිල සංශෝධනයේ දී විශාල වශයෙන් ඉන්ධ මිලේ අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ පවසනවා.
ජුලි මාසය තුළ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල විශාල වශයෙන් උච්ඡාවචනයන්ට ලක්වීම හේතුවෙන් ඉන්ධ මිලේ විශාල අඩුවීමක් අනිද්දා සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී අපේක්ෂා කළ නොහැකි බවයි කළමනාකාර අධ්‍යක්ෂවටයා පැවසුවේ.
මේ වනවිට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 87.68ක් ලෙස දැක්වෙන අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82.62ක අගයක් ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
5
+1
+1
1
+1
+1
2













