සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට එරෙහිව විභාගය වූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීමට බදුල්ල මහාධිකරණය නියම කළා.
ඒ, අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම අද (28) පස්වරු 2.00 දක්වා කල් තැබීමටයි විනිසුරුවරයා තීරණය කළේ.
2019 වසරේ පෙබරවාරි 10 වනදා හෝ ඊට ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටිය දී ඔහුගේ ජීප් රථය,පොලිස් ජීප් රථයක් විසින් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින් බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය වී තිබෙනවා.
තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ මග හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට තර්ජනය කර ඇති බව ද චෝදනා එල්ල වී තිබෙනවා.













