මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයින් තුනක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.

අද ඔවුන් පැමිණ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන්නා.

විශ්‍රාමික කර්නල් ලාල් ජයතිලක, රවී විද්‍යාලංකාර සහ ඩී.ඒ දයාරත්න යන සාමාජිකයින් මෙලෙස එම කමිටුවෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සාමාජිකයින් තිදෙනා පැවසුවේ, තේරීම් කමිටුවේ තේරීම්වලට මෑතක දී සිට යම් යම් බලපෑම් එල්ල වන බවත්, එම බලපෑම් මත ඇති වූ කලකිරීම මත මෙම තීරණය ගත් බවයි ඔවුන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted