සිව්දරු මවක් ටිපර් රථයකට යට වී මරුට – දරු දෙදෙනෙකුටත් බරපතළ තුවාල (වීඩියෝ)

දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ කපුවත්ත ප්‍රදේශයේ දී ටිපර් රථයක් රියදුරට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල සිටි මවකගේ හා දරුවන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (25) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් මව එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

දරුවන් දෙදෙනා බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බවයි දඹුල්ල පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දඹුල්ල කපුවත්ත ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දිලානී අරෝෂා නැමැති 46 හැවිරිදි සිව්දරු මවක්.

තුවාල ලැබූ දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා දඹුල්ල රෝහ‍ලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කොට ප්‍රතිකාර ලබන අතර අනෙක් දරුවා රෝහලේ සාමාන්‍ය වාට්ටුවක මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

බරපතළ තුවාල ලබා සිටින වැඩිමහල් දරුවා දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ ඉගෙනුම ලබන අතර, ඔහු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සූදානමින් සිටින අයෙකු බව සඳහන්.

තුවාල ලබා සිටින අනෙක් දරුවා පාසලේ 08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවයි වාර්තා වුණේ.

ජීවිතක්ෂයට පත් වූ මව කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කර පසුගිය 08 වනදා ලංකාවට පැමිණ ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

රාත්‍රී විශේෂ ආහාර වේලක් (ෆ්‍රයිඩ් රයිස්) සකස් කිරීම සඳහා අවශ්‍ය කලමනා රැගෙන ඒමට වෙළඳසැලට යාමට සූදානම්ව පාරේ අයිනේ රැඳී සිටින අවස්ථාවේ දී මාතලේ දෙසින් දඹුල්ල දෙසට ඉතා අධික වේගයෙන් ධාවනය කළ ටිපර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙම තිදෙනා අනතුරට ලක්කර ඇති බව විමර්ශනවල දී ආවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15