පෙම්වතියක් නිසා තරුණයෙක් මිතුරාව ඝාතනය කරලා – පෙම්වතාත් රෝහලේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ග්‍රේටර් නොයිඩා ප්‍රදේශයේ දී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිය යෑමෙන් එක් පුද්ගලයක් පිහියකින් ඇන මිතුරාව ඝාතනය කර තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිදුව ඇති මෙම සිද්ධියේදී තුවාල ඝාතනය සිදුකළ බව කියන පුද්ගලයා ද බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ග්‍රේටර් නොයිඩා හි සර්සා සර්කල් අසල සේවා මාර්ගයේ තරුණයින් දෙදෙනෙක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් හදිසි ඇමතුම් අංකය ඔස්සේ නොයිඩා පොලිසිය වෙත තොරතුරක් ලැබී තිබෙනවා.

පොලිසිය එම ස්ථානයට පැමිණි විටත්, ඔවුන් දෙදෙනාම තුවාල ලබා සිට ඇති අතර, පසුව ඔවුන්ව රෝහල් ගත කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් වෛද්‍යවරු පවසා ඇත්තේ ඉන් එක් අයෙක් මියගොස් සිටි බවයි.

සුරේෂ් සහ නරේෂ් නැමැති මෙම තරුණයින් දෙදෙනා එකම පෞද්ගලික සමාගමක සේවය කර තිබෙනවා.

පොලිසිය පවසන්නේ අදාළ සමාගමේ සේවය කළ බොබී නම් කාන්තාවක් පසුගිය වසර හතක කාලය තුළ නරේෂ් සමඟ සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවයි.

බොබී මෑතකදී සුරේෂ් ද සමඟ කතා කිරීමට පටන් ගෙන ඇති බවත්, නරේෂ් ඊට විරුද්ධ වී ඇති බවත් පොලිසිය පවසනවා.

පොලිසියට අනුව, සුරේෂ් සහ නරේෂ් බ්‍රහස්පතින්දා රාත්‍රියේ සිර්සා සර්කල් අසලදී හමුවී එකට බියර් පානය කර ඇති අතර, එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් බහින්බස්වීමක් දෙදෙනා අතර ඇති වී තිබෙනවා.

පසුව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් ඇති අතර, එම අවස්ථාවේ දී නරේෂ් තියුණු ආයුධයකින් සුරේෂ්ට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

ගැටුමෙන් පසු දෙදෙනාම රෝහලට ගෙන ගිය අතර, එහිදී වෛද්‍යවරු සුරේෂ් මිය ගිය බව ප්‍රකාශ කර ඇති අතර, ගැටුමේ දී බරපතළ තුවාල ලැබූ නරේෂ් පොලිස් අත්අඩංගුවේ රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයාලගෙම කෙනෙක් නැති වෙනකල්ද බලාගෙන ඉන්නේ ?බිත්තර අවුරුදු ගණන් තියෙන්න පුළුවන්
06:10
Video thumbnail
මාලිමාවේ අසිතට මිලියන ගාණක නඩුවක් වැටෙනවා ?මෛත්‍රී ගුණරත්නගෙන් අසිතට අභියෝගයක්
05:59
Video thumbnail
සජබ සෙට් එකක් නාවලපිටියේදී මහජන පෙත්සමකට අත්සන් ගයි - "අපි හොරු අල්ලනවට විරුද්ධ නෑ"
02:24
Video thumbnail
බස් රථ දෙකක් එකට වැ#දී බිහිසුණු අනතුරක්
00:40
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
00:41
Video thumbnail
ජා - ඇලට ආ නාමල්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය පොරකකා නාමල් ළඟට එයි
01:04
Video thumbnail
ප්‍රභාට මහින්ද එදා ඔළුව නැමුවේ නෑ අද නාමල් නමන්නෙත් නෑ - ත්‍රස්තවාදී කණ්ඩායමක් අද රට කරන්නේ
11:13
Video thumbnail
වැඩිහිටියන් එක්කම ඇවිත් Phone උස්සපු පොඩි කොල්ලා - කොල්ලගේ කෙරුවාව අතේ මාට්ටු ?
01:37
Video thumbnail
මාලිමාවේ අසිතගේ ප්‍රකාශයට ජනාධිපති නීතිඥ ශ්‍රීනාත්ගෙන් සැර පිළිතුරක් - අම්මා අප්පගේ බූදලයක් නෙවෙයි
07:45
Video thumbnail
කෝලිකුට්ටුව කැඩෙනවටත් විද්‍යාඥයෙක් ඉන්නවා කිව්වනේ මාලිමාවේ - පාර්ලිමේන්තු ශ්‍රමදානයට මමත් අහුවුණා
09:37